FAST NEWS

24×7 Around the Globe

බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාටත් කොවිඩ්

(ෆාස්ට් නිව්ස් | කළුතර) – බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.   

ස්ථානාධිපතිවරයාගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.

පසුගියදා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඒ අනුව ඔවුන් සියලුදෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.