FAST NEWS

24×7 Around the Globe

මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද (28) සිට යළි ආරම්භ කර තිබේ.

ඒ අනුව අද පස්වරු 1.30 පමණ  යුක්‍රේනයේ සිට ගුවන් මගීන් 185 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සුරියආරච්චි මහතා පැවසුවේ, මෙම සංචාරකයින් පිරිස මෙරට ගුවන්තොටුපොළට ළඟාවීමෙන් අනතුරුව සියලූම නිරෝධායන පිළිවෙත් අනුගමනය කරමින් ඒ කටයුතු සිදු කරන බවයි.

ගුවන්තොටුපොළ කාර්යමණ්ඩලය ඒ අවශ්‍ය කටයුතු සඳහා සූදානමින් කර ඇති බවද ඔහු පැවසීය.