FAST NEWS

24×7 Around the Globe

සපුගස්කන්දෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා මාකොළින් හමුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායනයට යොමු කර සිටියදී සපුගස්කන්දේ නිවසකින් පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියා මාකොළ උතුර ප්‍රදේශයේ නිවසක සිටියදී සොයාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.     

මෙම පුද්ගලයාට සහ ඔහුට රැකවරණ සැපයූ කිසියම් අයෙකු වෙතොත් ඔවුන්ටද එරෙහිව නීතිමය පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.