FAST NEWS

24×7 Around the Globe

ජාතික රෝහලට වාර්තාවන අනතුරු 40 % පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනතුරුවලට ලක්වී වාර්ෂිකව කොළඹ ජාතික රෝහලට යොමුවන පුද්ගලයින් සංඛ්‍යාව මේ වසරේදී 40 % කින් පමණ පහත වැටී තිබෙන බව එම රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.   

පසුගිය වසරේදී අනතුරුවලට ලක්වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වන අතර, මේ වසරේ ගතවූ කාල සීමාව තුළ රෝහල්ගත වී ඇත්තේ පුද්ගලයින් 66,000 ක් පමණ බවද සඳහන් වෙයි.

රට තුළ පැවති කොරෝනා වසංගත ව්‍යාප්තිය , සංචරණ සීමා පැනවීම, ඇඳිරි නීතිය සහ හුදෙකලා කිරීම් මීට ප්‍රධානතම හේතූන් වී ඇත.