FAST NEWS

24×7 Around the Globe

නීති විරෝධීව ගෙනා කහ කිලෝ 20,000 ක් STF දැලේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන ආ කහ කිලෝග්‍රෑම් 20,000ක් වි⁣ශේෂ කාර්ය බලකායේ භාරයට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ සමග සැකකරුවන් 04 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

හුංගම, කලමැටිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සැකකරුවන් සතුව තිබූ ට්‍රොලර් යාත්‍රාවක් ද වි⁣ශේෂ කාර්ය බලකායේ භාරයට ගත් බවය.