(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාරවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතරින් මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ රැදවියන් 639ක් පමණක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
නිලධාරීන් 09 දෙනෙකු ද නේවාසිකව ප්‍රතිකාර ලබන අතර බන්ධනාගාරයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 3615කි.
ඉන් රැදවියන් 2850ක් සහ නිලධාරීන් 112ක් මේ වන විට සුවය ලබා ඇති අතර, කොරෝනා ආසාදිත රැදවියන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.
අද දිනයේ මේ දක්වා බන්ධනාගාරවලින් ආසාදිතයින් 04 දෙනෙකු වාර්තා වී තිබේ.









