FAST NEWS

24×7 Around the Globe

කොරෝනා එන්නත ගැන තීරණයක් ගැනීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කෙරෙන එන්නත් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු වෙයි.

ඒ අනුව එම එන්නත මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සහ එන්නත් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් සොයා බැලීමට නියමිතය.

එලෙස කාර්ය සාධක බලකායක් පිහිටුවිය යුතු බවට ජනාධිපතිවරයා දැනුම් දුන් බව ජනාධිපති ප්‍රධාන උපදේශක සහ කොවිඩ් එන්නත් මෙරටට ගෙන්වීමේ සම්බන්ධීකරණ කටයුතු සඳහා පත් කළ ලලිත් වීරතුංග මහතා පවසයි.

එන්නත් මෙරටට ගෙන්වීම පිළිබඳව මූලික අධ්‍යයන කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින අතර, ඉදිරි සති දෙක ඇතුළත ඒ සම්බන්ධයෙන් හොද පිළිතුරක් ලබාදීමට අපේක්ෂා කෙරේ.