FAST NEWS

24×7 Around the Globe

අද වැසි තත්වයේ තරමක වැඩිවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළාත් කිහිපයකට වැසි තත්වයේ තරමක වැඩිවීමක් අද (26) රාත්‍රී කාලයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල මෙමෙ බලපෑම ඇති වේ.

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැක.

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.