FAST NEWS

24×7 Around the Globe

කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා උපදෙස් දී තිබේ.

එම උපදෙස අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට, සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඒ බව දන්වා යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

නත්තල් දේව මෙහෙයන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.