FAST NEWS

24×7 Around the Globe

හෙට සහ 29 සුරාසැල් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   දිවයිනපුරා පිහිටි අනෙකුත් සියලුම සිල්ලරට මත්පැන් විකිණීමේ මත්පැන්හල් හෙට (25) දිනයේදී වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කරයි.

ඒ නත්තල් උත්සවය නිමිත්තෙන් සංචාරක මන්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු ර.බී. 07 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන හැර අනෙකුත් මත්පැන්හල් සඳහාය.

හෙට දිනට යෙදී ඇති නත්තල් උත්සවය නිමිත්තෙන් මෙම නියෝගය කර ඇති අතර ලබන 29 වනදාට යෙදී ඇති උදුවප් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් වර්ගීකරණයකින් තොරව දිවයිනපුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා සුරාබදු බලපත්‍ර ලත් සියලුම ස්ථාන වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.