FAST NEWS

24×7 Around the Globe

LTTE රැඳවියන් පිරිසකටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින LTTE සිරකරුවන් 16 දෙනකුට කොරෝනා රෝගය වැලඳී ඇති බවට තහවුරු වෙයි.

බන්ධනාගාරයේ සිටින LTTE සිරකරුවන් 70කුට පමණ පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කර ඇති අතර එම පරීක්ෂවල ප්‍රතිපල අනුව මෙම වෛරස් ආසාදිත රැඳවියන් හඳුනා ගෙන ඇත.

මෙම කොටි රැඳවියන් අතර හිටපු කොටි නායකයින් පවා සිටින අතර එම රෝගීන්ට දැඩි ආරක්‍ෂාවක් ලබා දීමට කටයුතු කළ බව බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.

මෙම සිරකරුවන් පිට පළාත් බන්ධනාගාරවලට මාරු කිරීමට මෙතෙක් කිසිදු අදහසක් නොමැති අතර මෙම සිරකරුවන් ප‍්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කළ බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.