FAST NEWS

24×7 Around the Globe

තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා කරයි

(ෆාස්ට් නිව්ස් | ත්‍රිකුණාමලය) – ත්‍රීකුණාමලය අභයපුර ග්‍රාමනිලධාරී වසම සහ දිනනගර් ප්‍රදේශයත් අද උදෑසන 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගත් බවයි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අද (24) උදෑසන 6.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට පියවරගෙන තිබේ.