FAST NEWS

24×7 Around the Globe

සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් මෙහෙයුම් අඛණ්ඩව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට හුදෙකලා කර ඇති ප්‍රදේශ ආශ්‍රිතව සහ පොදු ප්‍රවාහන සේවා නිරීක්ෂණය සඳහා සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරින් තවදුරටත් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.   

එමෙන්ම කොවිඩ් වසංගතය ව්‍යාප්තවීම පාලනය කිරීමටත් රිය අනතුරු වළක්වා ගැනීමටත් නිරන්තරයෙන් සහය දක්වන ලෙසට ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

නිරෝධායන රීතින් උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 30 දෙනෙකු ගතවූ පැය 24 දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔක්තෝබර් 30 වනදායින් පසුව මේ දක්වා එලෙස අත්අඩංගුවට ගෙන ඇති මුලු සංඛ්‍යාව 1705 ක් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.