FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් මරණවල අවසන් කටයුතු සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කරන්නේද භූමිදාන කරන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා රජය පත් කළ කමිටුව අද (23) දිනයේ රැස්වීමට නියමිතව ඇත.   

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගියදා උපදෙස් ලබාදී තිබුණේ කඩිනමින් මෙම ගැටළුව විසඳීම සඳහා කටයුතු කරන ලෙසටයි.

කෙසේවෙතත් පසුගියදා තීරණය කරනු ලැබුවේ කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු සඳහා නිශ්චිත තීන්දුවක් ලැබෙන තුරු ඒවා ගීතකළ කන්ටේනර් තුළ බහාලන ලෙසයි.