FAST NEWS

24×7 Around the Globe

බීමත් රියදුරන් අල්ලන්න උපකරණ කට්ටල 130,000 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බීමත් රියදුරන් පරීක්‍ෂා කෙරෙන උපකරණ 130,000 ක් මේ වනවිට සියළු පොලිස් ස්ථාන වෙත බෙදාහැර ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අද(22) දිනයේද රථ වාහන මෙහෙයුම් සදහා පොලිස් නිලධාරීන් 9,000 ක් අනියුක්ත කර ඇති බවයි.

වසර අවසාන උත්සව සමය රිය අනතුරු බහුල කාල පරිච්ඡ්දයක් බැවින් රියදුරන් සහ පදිකයින් ඒ පිළිබද වැඩි අවධානයක් යොමු කරන ලෙසට මෙහිදී ඉල්ලීමක්ද කෙරුණි.

උත්සවය සමය ඉලක්ක කර ගනිමින් ආරම්භ කෙරුණු රථ වාහන මෙහෙයුම් ලබන ජනවාරි 5 වනදා දක්වා කි‍්‍රයාත්මකයි. මේ වනවිට පුද්ගලයින් 1,845 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බවත් බීමත් රියදුරන් 113 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පවසයි.