FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණුවලට එරෙහි තීන්දුව හෙට ප්‍රකාශ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්වවිද්‍යාල කඩඉම් ලකුණුවලට එරෙහි තීන්දුව හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

2019 වසරේදී උසස්පෙළ විභාගයට නව විෂය නිර්දේශ යටතේ පෙනී සිට සමත්වූ සිසුන් හතළිස් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.

ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අනුව ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨ සඳහා සිසුන් ඇතුළත් කරගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලමිනි.

අදාළ පෙත්සම් බුවනෙක අලුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (21) තුන්වන දිනටත් සළකා බැලුණි.

එහිදී පෙත්සම් සහ වගඋත්තරකාර පාර්ශවවල දේශන ඉදිකිරීම සම්පූර්ණයෙන්ම අවසන් කළේය.