FAST NEWS

24×7 Around the Globe

අඹතැන්න නාය යාමෙන් මහනුවරට ජය සැපයුම් බාධාවක්.

ඒ – 9 මාර්ගයේ කටුගස්තොට – අඹතැන්න ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් මහනුවර ජල පවිත්‍රාගාරයේ සිට අකුරණට ජලය සපයන නළ මාර්ගයට ද හානි සිදුවී තිබේ.

එම නිසා අකුරණ, කහල්ල, කහවත්ත, තෙළඹුගහවත්ත, කුරුගොඩ, ජම්බුගහපිටිය සහ ගිරාකඩුව යන ප්‍රදේශවලට රාත්‍රී 8 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේය.