FAST NEWS

24×7 Around the Globe

තවත් ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

(ෆාස්ට් නිව්ස් | කළුතර) – බේරුවල, මග්ගොන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 3 ක් සඳහා සංචරණ සීමා පැනවේ.

ඒ ඊයේ (19) දිනයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 50 කට අධික සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙනි.

ඒ අනුව මග්ගොන නැගෙනහිර, මග්ගොන බටහිර සහ අක්කරමලෙයි යන ග්‍රාම නිලධාරී වසම් 3 සඳහා මෙම සංචරණ සීමා පනවා ඇති බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

මේ වන විට බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ආසාදිතයින් 361 දෙනෙකු වාර්තා වී ඇති අතර මග්ගොන ප්‍රදේශයෙන් රෝගීන් 107 දෙනෙකු වාර්තා වී ඇත.