FAST NEWS

24×7 Around the Globe

මානව හිමිකම් සමුළුවට නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානය සැරසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජිනිවා මානව හිමිකම් සමුළුවට ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ඒමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසයි.

ඒ සඳහා දමිළ පක්ෂ අතර පොදු එකඟතාවයක් ඇති කර ගත යුතු බවට තීරණයක් ගෙන තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ එම පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ගේ කොළඹ පිහිටි නිවසේ ඊයේ පැවති සාකච්ඡාවක් අවස්ථාවේදීය.

එහිදී නව ව්‍යවස්ථාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ යෝජනා ඉදිරිපත් කිරිමට ද  තිරණය කෙරුණි.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ පෙරේදා හමු වී ඇති අතර එහිදී උතුරු නැගෙනහිර සංවර්ධනය කෙරෙහි අවධානය යොමුව තිබේ.