FAST NEWS

24×7 Around the Globe

බස්නාහිරින් පිටවන අයට අදත් ස්ථාන 4කදී ඇන්ටිජන් පරීක්ෂණ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් අහඹු ලෙස ඇන්ටිජන්  පරීක්ෂාවට ලක් කිරීම අද දිනයෙත් ස්ථාන 4 කදී සිදු කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 451 ක් සිදු කළ අතර ඉන් කොවිඩ් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගත් බවය.