FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාතේ පාසල් ආරම්භය ගැන තීරණය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව සඳුදා ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.   

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

මේ අතර රත්නපුර මහනගර සීමාව තුළ පුද්ගලයන් 16 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.

රත්නපුර මහජන පොළෙන් එක් ආසාදිතයකු හඳුනාගැනීමත් සමඟ එම පොළ අද තාවකාලිකව වසා දැමුණි.

අවට ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තාවීම නිසා රත්නපුර නගරයේ ඇති පාසල් 03 ක්ද වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත.

රත්නපුර ගඟබඩ සීවලී විද්‍යාලය, රත්නපුර අල්මකියා මුස්ලිම් විද්‍යාලය සහ රත්නපුර ධර්මරාජ විද්‍යාලය එලෙස වසා දමා තිබුණි.