FAST NEWS

24×7 Around the Globe

මේ සති අන්තයේ ජනතාව සෞඛ්‍ය නීති පිළිපැදීම අනිවාර්යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග කඩ කල හොත් හුදකලා කර ඇති ප්‍රදේශවල හුදකලා තත්ත්වය දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බව පොලිසිය පවසයි.

මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම සති අන්තයේදී  සියලු ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින්  කටයුතු කළ යුතු බවය.

මේ අනුව හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝගවලට අනුගතව කටයුතු කළ යුතුය. නමුත් සුළු පිරිසක්  PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු නියෝග යම් ආකාරයකට පැහැර හැරීමක් සිදුකර තිබේ. එවැනි ආකාරයට සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග පැහැර හරින්නේ නම් ඒ ප්‍රදේශ තවත් බොහෝ කාලයක්  හුදකලා කර තැබීමට සිදු වනු ඇත. ඔබේ ප්‍රදේශය ඉක්මණින්ම හුදකලා තත්ත්වයෙන් ඉවත් කරගැනීමට අවශ්‍ය නම් නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදියයුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.