FAST NEWS

24×7 Around the Globe

යුරෝපීය ගුවන් යානයක් වසර 10 කට පසු දිවයිනට.

යුරෝපීය ගුවන් යානයක් වසර 10 කට පසු අද දින (28දා) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණී බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.

ඔස්ට්‍රියා එයාර් ලයින් සමාගමට අයත් මෙම ගුවන් යානය වියානා නුවරින් පිටත්ව අද පෙරවරු 7.25 ට දිවයිනට ළඟා විය.

ලබන වසරේ මාර්තු මාසය දක්වා සතියේ සෑම බදාදා දිනකම දිවයිනට ළඟාවන මෙම ගුවන් යානය බ්‍රහස්පතින්දා සවස යළි පිටත්වන බවත්, මාර්තු මාසයේ සිට සතියකට දින 03ක් ශ්‍රී ලංකාවට පැමිණීමට ඔස්ට්‍රියා එයාර් ලයින් සමාගම කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

වසර 2005න් පසු යුරෝපීය රටකින් මෙරටට මගී ප්‍රවාහන ගුවන් යානයක් පැමිණ නොමැති බවත්, මෙය සංචාරක කර්මාන්තය දියුණුවට ඉවහල්වනු ඇති බවත් එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ සිට ඍජුවම යුරෝපයට ගුවන් මගින් ගමන් කිරීමේ අවස්ථාව තිබෙන බවත්,මීට පෙර යුරෝපයට යාම සඳහා ඩුබායි හෝ සිංගප්පූරුව හරහා ගමන් කිරීමට සිදුවීමෙන් මගීන්ට විශාල කාලයක් වැයකිරීමට සිදුවූ බවද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.