FAST NEWS

24×7 Around the Globe

ලංකාව ණය ගෙවීමට නොහැකි රටක් බව කීම බොරුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටක් ලෙස අප කිසිදු ණය වාරිකයක් ගෙවීම පැහැර හැර නොමැති බව රජය අවධාරණය කරයි.

මේ බව පැවසුවේ ආර්ථික පුනර්ජනනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාය.

“ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේ “ වැඩ සමග යළි ගමට” ව්‍යාපෘතියේ මධ්‍යම පළාත් වැඩසටහනට මහනුවරදී එක්වෙමින් ඔහු මේබව සඳහන් කළේය.