(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදිත මවක්, අද දිනයේ කොළඹ “ද සොයිසා කාන්තා රෝහලේ” දී සිවු නිවුන් දරු උපතක් සිදු කර තිබේ.
එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරි කිරිවන්තුඩුව පැවසුවේ සිවු නිවුන් දරු උපත සිදු කළ මව 29 හැවිරිදි මරදාන කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි.
මව සහ දරුවන් සිවු දෙනා නිරෝගි සුවයෙන් පසුවන බව රෝහල් අධ්‍යක්ෂිකාව පැවසීය.
ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙකු මෙසේ උපත ලබා ඇත.
විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙකු ඇතුළු වෛද්‍යවරුන් 8 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මේ සඳහා සහභාගී වී තිබේ.
එම දරුවන් සිව් දෙනාගේ රැපිඩ් පරීක්ෂණ-වලින් හෙළි වී ඇත්තේ ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.
PCR පරීක්ෂණ සඳහා ඔවුන්ගේ සාම්පල යොමු කර ඇති බව සඳහන්ය.












