FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් වැළක්වීමට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 2ක ආධාරයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතය හේතුවෙන් වන බලපෑම අඩුකිරීමේ වැඩකටයුතු සඳහා යුරෝපා සංගමයෙන්  යුරෝ මිලියන 2ක ආධාරයක් ලබා දෙයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එය මෙරටට ලබාදීමට කටයුතු කර තිබේ.

කොවිඩ්-19 රෝගී ප්‍රතිකාර සේවාවල ඵලදායීතාවය ඉහළ නැංවීම මෙන්ම ආසාදන වැලැක්වීම ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි මෙම මූල්‍ය සහාය යොදා ගැනීමට නියමිතය.