FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන නීති කැඩුවොත් බස්රථ රියදුරන්ට නීතිමය පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මගී ප්‍රවාහන බස්රථ රියදුරන්ට පොලිසිය දැනුම් දීමක් කරයි.

ඒ පොදු ප්‍රවාහන සේවය තුළදී නිරෝධායන රීතීන් උල්ලංඝනයවන ආකාරයට මගීන් ප්‍රවාහනය නොකරන ලෙසයි.

එසේ කළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස සියලුම පොලීස ස්ථාන වෙත මේ වනවිට උපදෙස් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව පොදු ප්‍රවාහන සේවා බස් රථයක මගීන් රැගෙන යා හැක්කේ ආසන ගණනට පමණි.