FAST NEWS

24×7 Around the Globe

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7කට දැඩි සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

 ඊයේ දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් 25 දෙනෙකු හඳුනා ගැනුණි.

ඒ සමග මෙලෙස මෙම සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

ඒ අනුව මිලිද්දූව, කෝන්ගහ, තලාපිටිය, දංගෙදර නැගෙනහිර, දෙද්දුගොඩ උතුර, දෙද්දුගොඩ දකුණ සහ මකුළුව යන ග්‍රාම නිලධාරී වසම්වලට සංචරණ සීමා පනවා තිබේ.

මෙම ප්‍රදේශවල පදිංචි කිසිදු පුද්ගලයෙකුට නැවත දැනුම්දෙන තුරු අත්‍යාවශ්‍ය නොවන හේතුවකට නිවසින් පිටතට යා නොහැකි බව වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා සඳහන් කළේය.

මිලිද්දූව, කෝන්ගහ, තලාපිටිය, දංගෙදර නැගෙනහිර, දෙද්දුගොඩ උතුර, දෙද්දුගොඩ දකුණ සහ මකුළුව යන ග්‍රාම නිලධාරී වසම් 7හි ජීවත්වන ප්‍රජාව ඉදිරි දින කිහිපය තුළ තමන්ගේ සංචරණ සීමා දැඩි ලෙස සීමා කළ යුතුය.

රාජ්‍ය නිලධාරීන් සේවා අවශ්‍යතාවය පරිදි අදාළ ආයතන ප්‍රධානියාට දැනුම් දී පොලීසියේ අවසර මත අත්‍යාවශ්‍ය සේවා සඳහා යා හැක.

මේ අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් තවත් සතියක් වසා දැමීමට ඊයේ තීරණය කෙරුණි.