FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිත මවක් නිවුන් පිරිමි දරුවන් බිහි කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වැළඳුණු 23 හැවිරිදි මවක් නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙකු බිහිකිරීමේ පුවතක් මුල්ලේරියාව රෝහලෙන් වාර්තා වේ.   

මෙහි විශේෂ සිදුවීම වන්නේ මෙම බිළිඳුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති වීමයි.

ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ අතර, ඉකුත් දෙසැම්බර් 08 වනදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී කොවිඩ් නියුමෝනියාවෙන් මියගිය දින 20 ක් වයසැති බිළිඳාගේ දේහය භාර ගැනීම දෙමව්පියන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.