FAST NEWS

24×7 Around the Globe

විදෙස් ගතව සිට පැමිණෙන අයගේ නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයින්ගේ නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක් සිදු වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙහිදී නිවෙස් නිරෝධායනය සම්බන්ධයෙන් යම් වෙනසක් සිදුකිරීමට නියමිත හමුදාපතිවරයා පැවසීය.

මේ අනුව අද (10) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් වන නිර්දේශ ඉදිරිපත් කරනු ඇත.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන යුද හමුදාපතිවරයා පැවසුවේ,”මෙසේ ලංකාවට රැගෙන එන ශ්‍රී ලාංකිකයින් දින 14ක නිරෝධායනය කිරීමෙන් අනතුරුව කරන ලබන PCR පරීක්ෂණයෙන් නෙගටිව් නම් ඔවුන් තව දින 14ක් නිවෙස්වල නිරෝධායනය නොකර සම්පූර්ණයෙන් නිදහස් කරනු ඇති අතර එය බොහෝ දුරට අද දිනයේ දී නිකුත් වීමට නියමිත නිවේදනයත් සමග ඒ තත්ත්වය පහව යන බවයි”.