FAST NEWS

24×7 Around the Globe

ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් 16 කට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවය කළ සේවකයින් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු කරගෙන තිබේ.   

ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසූවේ ඊයේ රාත්‍රියේදී ආසාධිත පුද්ගලයින් සියලු දෙනා ප්‍රතිකාර සදහා යොමු කළ බවයි.

මේ වන විට කොළඹ ජාතික රෝහල් මුළුතැන්ගෙයි පරිශ්‍රය විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇත.