FAST NEWS

24×7 Around the Globe

කහ කිලෝ 1110 ක් සමග සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ කහ කිලෝ ග්‍රෑම් 1110 ක් සමග සැකකරුවන් 07 දෙනෙක් හලාවත කාවාටියාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.    

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද අලුයම සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කාවාටියාවත්ත ගම්මානයට යාබද වැල්ල ප්‍රදේශය සෞඛ්‍ය අංශ විසින් හුදෙකලා ප්‍රදේශයක් ලෙසින් නම්කර තිබේ.

කහ තොගය ප්‍රවාහණය සඳහා සූදානම් කර තිබු කුඩා ප්‍රමාණයේ ලොරියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් කටුගම්පල , බංගදෙනිය හා මන්නාරමේ පදිංචිකරුවන් වන අතර , මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.