FAST NEWS

24×7 Around the Globe

ඊයෙ කොළඹින් ආසාදිතයින් 526 ක් – ඉන් 175 ක්ම වැලිකඩින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ හඳුනාගත් ආසාධිතයන් 798 දෙනා අතුරින් 526 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.  

ඉන් 175 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් වෙයි.

මේ අනුව ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 12,604 ක්.

මීට අමතරව ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාධිතයන් 97 ක් වාර්තා වූ අතර ඉන් 55 දෙනෙකු මහර බන්ධනාගාරයේ රැඳවියන් වනවා.