FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගලට පැය 24ක් ජලය නැහැ

(ෆාස්ට් නිව්ස් | කුරුණෑගල) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට(09) පෙරවරු 9 සිට පැය විසි හතරක කාලයක් කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කෑගල්ල පාර, කුරුණෑගල – කොළඹ පාර ඇතුලු සියලු අතුරු මාර්ගවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.