FAST NEWS

24×7 Around the Globe

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අද ජනපති අතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අද (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතය.

ඒ අද පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.

පිටු 2000කින් යුත් හා වෙළුම් තුනකින් මෙම වාර්තාව සමන්විත වේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලෙන කොමිසම හමුවේ ඉදිරිපත් වූ පැමිණිළි 198කට අදාළ කරුණු වාර්තාවට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.