FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන නීතී කඩ කළ 40ක් අත්අඩංගුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුඛ ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 40 දෙනෙකු ගතවූ පැය විසි හතරක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා එම චෝදනා යටතේ පුද්ගලයන් 1,151 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.