(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 20,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.
මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා මේ බව පැවසීය.
දැනට PCR පරීක්ෂණ 13,000ත් 14,000ත් අතර සිදු කරන අතර ඉදිරියේදී එම ගණන 20,000 සීමාවට වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් වෙනුවෙන් සාමාන්‍ය රෝහල්වලට අමතරව තවත් රෝහල් කිහිපයක් PCR පරික්ෂණ සඳහා අනුමත කර ඇති බවත් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේය.
එසේම පෞද්ගලික රෝහල් 5කුත් PCR පරීක්ෂණ සඳහා යොමුකිරීමට අනුමැතිය ලැබිලා තිබේ. ඒ අනුව දිනකට PCR පරික්ෂණ 20,000ක් ලංකාවේ රෝහල් මගින් සිදුකරන්නට හැකියාව ලැබෙයි.” යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.








