FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් ගණන

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වී ඇති කොවිඩ් -19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 2,051 දෙනෙක් හඳුනා ගෙන තිබේ.

එම පිරිස අතර බන්ධනාගාර නිලධාරින් 91 දෙනෙකු සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වෛරසය ආසාදනය වූ නිලධාරින් 38 දෙනෙකු සහ රැඳවියන් 562ක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.