FAST NEWS

24×7 Around the Globe

හෙට සිට හුදකලාවෙන් නිදහස් වන හා හුදකලා කෙරෙන ප්‍රදේශ[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට(07) සිට හුදකලා කර ඇති පොලිස් වසම් කිහිපයක් ඉන් මුදා හැරීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්තවිතය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොළඹ දිස්ත්‍රික්කයේ බ්ලුමැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජය පුර ග්‍රාම නිලධාරී වසමේ සංචරණ සීමා ඉවත් කරන බවයි.

කෙසේ වෙතත්, මෝදර, කොටහේන, ග්‍රෑන්පාස්, ආදුරුප්පුවීදිය, වේල්ලවීදිය, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ සහ මරදාන යන පොලිස් වසම් තවදුරටත් හුදකලා කර තිබේ.

තවද කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල, වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල යන ග්‍රාම නිලධාරීන් වසම් ද හුදකලා කර ඇත.

මීට අමතරව ලක්සද සෙවණ නිවාස යෝජනා ක්‍රමය සහ මට්ටකුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගසන් පාරේ දකුණු කොටස යන ප්‍රදේශවල හුදකලා බව තවදුරටත් ක්‍රියාත්මකය.