FAST NEWS

24×7 Around the Globe

කොරෝනා අවධානම නිසා තවත් පොලිස් ස්ථාන දෙකක් වැසේ

(ෆාස්ට් නිව්ස් | මඩකලපුව) – මඩකලපුව, කලවංචිකුඩි පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමයි.

ඒ, එහි රාජකාරියේ නියුතු නිලධාරීයෙකුට කොරෝනා වෛසරය ආසාදනය වීමත් සමඟයි.

පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අලකයියා ලතාකරන් පැවසුවේ කලවංචිකුඩි මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුට වෛරසය ආසාදනයවී ඇති බවය.

එම නිලධාරියා ප්‍රතිකාර ලැබු නේවාසිකාගාරය විෂබීහරණය කිරීමට ද කටයුතු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

නැගෙනහිර පළාත් තුළ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 332 කි.