අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විමල් වීරවංශ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අද (28දා) මහේස්ත්‍රාත් අධිකරණය විසින් නැවත මන්ත්‍රීවරයාට භාර දී තිබේ.
විදේශ ගමන් බලපත්‍ර‘යේ ගැටලුවක් ඇති බව සඳහන් කරමින් පසුගිය 24 වැනි දා මන්ත්‍රීවරයා සහ විදේශ ගමන් බලපත්‍රය අත්අඩංගුවට ගනු ලැබිණ. මන්ත්‍රීවරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප මත එදිනම මුදාහැරීමට කටයුතු කළේය.







