FAST NEWS

24×7 Around the Globe

දවසේ කාලගුණ තත්ත්වය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වී එමගින් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (06) දින නිකුත් කළ කාලගුණ අනාවැකියෙන් පෙන්වා දෙයි.

මේ අතර අද දිනයේ යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල විශේෂයෙන්ම උදෑසන කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවේ.

සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.