FAST NEWS

24×7 Around the Globe

මහර ගැටුමේදී මිය ගිය තවත් රැඳවියන් සිව් දෙනෙක් හඳුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහ්ටහ පැවසුවේ ඊයේ දිනයේ 38 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය.

ඔවුන් අතර බන්ධනාගාර නිලධාරීන් 11 දෙනෙකු, වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ රැඳවියන් 25 දෙනෙකු වේ.

මේ අනුව මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 116 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මේ අතර දැනට රාගම රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති සිද්ධියෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් තවත් හතරදෙනෙකුගේ සිරුරු ඊයේ හඳුනා ගෙන ඇත.

ඔවුන් රතුපස්වල, එඬේරමුල්ල, මිනුවන්ගොඩ සහ අඟුරුවාතොට ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළිව තිබේ.