අනුරාධපුර සමාජශාලා හිමිකරු ඝාතන සැකකරුවන් 8 දෙනෙකු අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ අතර ඉන් 6 දෙනෙකු ලබන මස 9 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග ලැබුණේ.
ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලීසිය පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.පසුගිය 25 වෙනිදා අනුරාධපුර නගරයේ සමාජ ශාලාවට ඇතුලු වූ පිරිසක් එහි හිමිකරු ඇතුලු කිහිපදෙනෙකුට පහරදුන්නා.
ඉන් සමාජ ශාලා හිමිකරු වන වසන්ත සොයිසා ජීවිතක්ෂයට පත්වුණා.තුවාල ලැබූ තුන් දෙනෙක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.







