FAST NEWS

24×7 Around the Globe

අටලුගමදී කළහකාරීව හැසිරුණු පුද්ගලයා රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කළුතර) – බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළඹෙන 17 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.   

පෙරේදා දිනයේ අදාළ කොරෝනා ආසාදිතයා අටලුගම ප්‍රදේශයේදී මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගසා බැන වැදී තිබුණි.

මේ හේතුවෙන් අදාළ නිළධාරීන් නිරෝධායනයට පත්කිරීමට ද පියවරගනු ලැබීය.