FAST NEWS

24×7 Around the Globe

‘බුරවි’ සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බුරවි සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයත් දක්වා දුර්වලවී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.    

මෙය අද අලුයම 2.30 පමණ වනවිට මන්නාරමට කිලෝමීටර් 143 ක් බටහිරට බරව වයඹ දෙසින් ස්ථානගතව පවතින බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.