(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බුරවී සුළි කුණාටුව මේ වනවිට මන්නාරම සහ පුනරින් අතර වෙරළට ආසන්නයේ ස්ථානගත වී ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුළි කුණාටුව සමඟ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 90 ත් දක්වා ඉහළ යා හැක.
එමෙන්ම, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි සහ ඇතැම් ස්ථානවලට 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙලෙස අතුරුදන්ව ඇත.
තුවාල ලබා ඇති 04 දෙනා පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
මීට අමතරව ඉන් පීඩාවට පත් සංඛ්‍යාව 12252ක් වන අතර නිවාස 15ක් සම්පුර්ණයෙන් හානියට පත්ව තිබේ.
නිවාස 192ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇත.








