FAST NEWS

24×7 Around the Globe

මහර බන්ධනාගාරයේ ගැටුම ගැන සොයා බැලීමට පත් කළ විමර්ශන කමිටුව බන්ධනාගාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විමර්ශන කමිටුවේ සාමාජිකයින් අද දිනයේ එම බන්ධනාගාරය නිරීක්ෂණය කිරීමට නියමිතය.

ඒ බව අධිකරණ අමාත්‍ය ජනාධිපතිනීතිඥ අලි සබ්රි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු  මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ සම්බන්ධයෙන් යොමුකර තිබූ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු ලබාදෙමිනි.