(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැනගිය මහර බන්ධනාගාරයේ රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියේදී තුවාල ලැබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර සිටියගී ඉන් පළාගොස් තිබුණි.
ඊයේ රාත්‍රි 09 ට පමණ මෙම රැඳවියා රෝහලෙන් පළාගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.








