ශ්‍රී ලංකික සම්භවයක් ඇති ඇන්ගුයිලාහි නව ආණ්ඩුකාරවරිය

ශ්‍රී ලංකික සම්භවයක් ඇති ඇන්ගුයිලාහි නව ආණ්ඩුකාරවරිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවතින කැරිබියානු දූපතක් වන ඇන්ගුයිලාහි (Anguilla) නව ආණ්ඩුකාර ධුරයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් තේරීපත් වෙයි.

විදෙස් වාර්තා සඳහන් කළේ ඇය නමින් දිලීන් ඩැනියෙල් සෙල්වරත්නම් බවයි.

2021 ජනවාරි මාසයේදී නව ආණ්ඩුකාරවරිය ලෙස ඇය වැඩ භාර ගැනීමට නියමිතය.

ඇන්ගුයිලාව වර්ග සැතපුම් 35 ක භූමියකින් යුත් බ්‍රිතාන්‍ය පාලනයට නතුවූ දූපත් සමූහයකි.

එහි වර්තමාන ජනගහනය 18,090 කි.

ඩැනියෙල් සෙල්වරත්නම් 2017 වසරේ සිට මේ දක්වා ඇන්ගුයිලාහි කැබිනට් මණ්ඩලයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරයි.

2015 සිට 2017 දක්වා ඇය ව්‍යාපාර, බලශක්ති හා කාර්මික උපාය මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කර තිබුණි.

1999 දී එංගලන්ත සහ වේල්ස නීතිඥ සංගමයේ සාමාජිකත්වය ලබාගත් ඇය පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය (නීති) සම්පූර්ණ කර ඇත.

CATEGORIES